තිරප්පනේ දුම්වැටි අලෙවිය තහනම්
තිරප්පනේ පොලිස් බල ප්රදේශයේ ක්රියාත්මක වසම් විස්සෙන් වසම් හතකම දුම්වැටි අලෙවිය මේ වන විට සම්පුර්ණයෙන් ම නවතා දමා ඇති අතර ඉදිරියේ දී ඉතිරි වසම්වල ද දුම්වැටි අලෙවිය සම්පූර්ණයෙන් ම නවතා දැමීමට කටයුතු කරන බව තිරප්පනේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එම්.ආරියරත්න දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසූයේ තිරප්පනේ ප්රජා පොලිස් කමිටු නිලධාරීන් දැනුම්වත් කිරීමේ රැුස්වීමකට සහභාගි වෙමිනි. මෙම රැුස්වීම ඉකුත් 25 වැනිදා පස්වරුවේ තිරප්පනේ ප්රාදේශීය ලේකම් කාර්යාලයීය රැුස්වීම් ශාලාවේ දී පැවැත් විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් ස්ථානාධිපතිවරයා කීවේ මතින් තොර පොලිස් බල ප්රදේශයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළහි එක් පියවරක් ලෙස බලප්රදේශයට අයත් සියලූ වෙළෙඳසල් මගින් දුම්වැටි අලෙවිය නවතා දැමීමට ව්යාපාරික ප්රජාව සමග එක්ව කටයුතු කරන බවයි. දුම්වැටි භාවිතයේ හා අලෙවියේ ආදීනව ව්යාපාරික ප්රජාවට අවබෝධ කර දීමෙන් පසු තම වෙළෙඳ ආයතනය තුළ දුම්වැටි අලෙවිය නැවැත්වීමට ඔවුන් තීරණය කළ බවත් එසේ ක්රියාකිරීම අගය කළ යුතු බවත් ස්ථානාධිපතිවරයා කීය.
No comments: