"TNAයේ ක්‍රියා කලාපය නිසා ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යනවා" - ආනන්ද සංගරී

දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියා කලාපය නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යාම පමණක් නොව දෙමළ ජනතාවට ඉබේටම මිනීවළවල් කැපෙන බවද ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පැවසීය.

යාපනයේ නාස්සිමාර් කෝවිල් ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී ආනන්ද සංගරී මහතා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන්නේ දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය සදහාද එසේත් නොමැතිනම් රජයේ අවශ්‍යතාවයන් සදහාද යන්න කිසිවෙකුටත් තේරුම් ගැනීමට නොහැකි බවයි.

දෙමළ ජනතාව නියෝජනය කිරීම සදහා සැකසුණු  පක්ෂයක් මේ අන්දමින් කටයුතු කිරීම පිළිබදව සියළු දෙමළ වැසියන් ලැජ්ජාවට පත්වියයුතු බව පවසන ආන්නද සංගරී මහතා ඒ බව එම පක්ෂයේ පරිණත නායකයින්ට නොවැටහීම යාමද දෙමළ ජනතාවගේ අවාසනාවක් බව හිටපු මන්ත්‍රී ආනන්ද සංගරී මහතා පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ මේ ගමන් මග පිළිබදව තමන්ට ලොකූ වැටහීමක් තිබුණු නිසා ඒ කාලයේදීම ඒ සන්ධානයෙන් ඉවත් වූ නිසා ලැජ්ජාවකින් තොරව දේශපාලනයේ නිරත විය හැකි බවද ආනන්ද සංගරී මහතා සදහන් කළේය.

පසුගිය දිනවල රටේ ඇතිවූ  දේශපාලන ව්‍යාකූලභාවය  යථා තත්ත්වයට පත් වූයේ යැයි කියමින් දෙමළ ජාතික සන්ධානයත් තවත් දේශපාලන පක්ෂත් ආඩම්බර වන නමුත් ඒ ප්‍රශ්නය විසදුණු ආකාරයෙන් රටේ කවරෙකුටවත් යහපතක් නොවන බවද ප්‍රකාශ කළේය.

(දිනසේන රතුගමගේ)

No comments:

Powered by Blogger.