කළමණාකාරිත්වයට එරෙහිව ITN සේවකයෝ උද්ඝෝෂණයක


මංගල සමරවීර ඇමති යටතේ පවතින ITN නාලිකාවේ ඇමතිවරයා පත්කළ සභාපතිනිය පිළිගන්නට බැරි බවත්  ITN නාලිකාව ජනපති යටතට පවරාගන්නා ලෙසත් ඉල්ලමින් එම සේවකයින් පිරිසක් අද උද්ඝෝෂණයක නිරතවී සිටී. දෙසැම්බර් 13 තීන්දුවෙන් පසු
එජාප රජයක් නැවත ස්ථාපිත වුවද ජනමාධ්‍ය එජාපය යටතේ පැවතීම ගැන ජනපති සතුටුවූයේ නැති අතර ඇමති මංගලට ජනමාධ්‍ය විෂය පැවරුවද මංගලගේ නියෝජිතයින් සිටියදී ජනපතිගේ නියෝජිතයින්ද රජයේ මාධ්‍ය ආයතන වලට පත් කිරීමට තීරණය විය.

ස්වාධීන රූපවාහිනීයේ දේශපාලනික වශයෙන් සංවිධානයවූ ඇතැම් වෘත්තීය සමිති මෙම තීරණයට එකඟවී නැත. ශ්‍රීලනිප-ශ්‍රීපොජපෙ හා සම්බන්ධ වෘත්තීය සමිතියට උවමනාවී පවතින්නේ ස්වාධීන රූපවාහිනිය සම්පූර්ණයෙන්ම මහින්ද මෛත්‍රී සම්බන්ධ පුවත් පළකරන ආයතනයක් බවට පත් කිරීමටය. මේ හේතුවෙන් මංගලගේ නියෝජිතයින්ට එරෙහිව මෙම උද්ඝෝෂණය අරඹා තිබේ.
පසුගිය 27 වනදා එහි ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා සේවයට පැමිණෙද්දී මග හරස්කර ඔහුව එළවා දැමීමටද මෙම සේවකයින් පියවර ගෙන තිබුණි.








No comments:

Powered by Blogger.