පියල් ද සිල්වා නාවික හමුදාපති ධූරයට
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පත්කර ඇත.
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (1) පෙරවරුවේ පියල් ද සිල්වා මහතා මෙම පත්වීම් ලිපිය බාරගෙන තිබිණි.
පියල් ද සිල්වා මහතා හෙට (1) පෙරවරුවේ නව නාවික හමුදාපතිවරයා වශයෙන් වැඩබාර ගැනීමට නියමිතය.
පියල් ද සිල්වා මහතා මීට පෙර නාවික හමුදා මාණ්ඩලීක ප්‍රධානි වශයෙන් කටයුතු කළේය.
නව නාවික හමුදාපතිවරයා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ආදි සිසුවෙකි.
www.reporter.lk
No comments: