නුවරඑළිය නගරාධිපතිට එරෙහිව කෝටි පනහක වන්දි නඩුවක්


දීර්ඝ කාලයක් තිස්සේ නුවරඑළිය නගරාසන්නයේ හින්දු ජනතාව වැඳුම් පිදුම් කළ ස්ථානයක කුඩා කෝවිලක් ඉදිකර ගැනීමට අවසර ලබාදීමට විරුද්ධව එම ඉඩම ආසන්නයේ පදිංචි ව්‍යාපාරිකයකු විසින් නුවරඑළිය නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතාගෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ඉල්ලා නඩු මඟට පිවිස ඇති බව අනාවරණය වෙයි.
මෙම අනාවරණය සිදුවූයේ ඉකුත් 28 වැනි දින නුවරඑළිය මහ නගර සභාවේ පැවැති මාසික සභා අවස්ථාවේදීය.
නුවරඑළිය - චන්දනලාල් කරුණාරත්න මාවත හා ගොල්ෆ් ක්‍රීඩාංගණයට යාබද එම ස්ථානය හා ගැටලුව ගැන පැහැදිලි කරමින් නගරාධිපතිවරයා මෙසේද කීය.
බහු ජාතික නගරයක ප්‍රශ්න ඇති වෙන්න දෙන්න හොඳ නෑ. සමඟියෙන් ඉන්න නගරයේ ප්‍රශ්න අපිට අවශ්‍ය නෑ. මේ නඩුදාලා තියෙන පුද්ගලයා ඉන්න තැන එතුමාට අයිතිද නැද්ද කියලා බලන්න මම කොමසාරිස්තුමියට නියෝග කරනවා.
ඒ වගේම මම එකක් කියන්න කැමැතියි. මට සල්ලි නෑ. ඒත් ඔය ඉල්ලන වන්දිය ගෙවන්න වුණොත් මගේ ඉඩමක් විකුණලා හරි ගෙවන්න සූදානම්. ඒත් ඊට වඩා මට මේ නුවරඑළිය නගරයේ හින්දු ජනතාව වටිනවා.
නුවරඑළිය - චන්ද්‍රසිරි මහගම

www.reporter.lk

No comments:

Powered by Blogger.