ජර්මන් හෙදිය ලෝකාන්තයෙන් වැටුනේ සෙල්ෆිගන්න ගිහින් නෙමෙයි - මිතුරියගේ ප්‍රකාශය

සුගිය දා ලෝකාන්තයෙන් පහළට ඇදවැටුණු ජර්මන් ජාතික කාන්තාව එම අනතුරට ලක් වූයේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී බව පැවසෙන පුවත අසත්‍යයක් බව ජුලියා එල්ගා නමැති අදාළ කාන්තාව සමග
මෙරටට පැමිණි ඇගේ මිතුරිය වන නිනන් රෙබයා අනාවරණය කරනවා.

ලෝකාන්තයේ ප්‍රපාතය හොඳින් නැරඹීමට අවශ්‍ය බව කියමින් ඇය අඩි දෙකක් පමණ පහළින් තිබූ ගලක් මතට බැස ඇති බවත් පසුව යළි උඩට පැමිණීමට උත්සහ කරද්දී ඇය ඇදවැටුණු බවත් රෙබයා වැඩිදුරටත් පවසනවා.


එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ මෙම අනතුර සිදුවූ අවස්ථාවේ දී සිය මිතුරියගේ සහ තමාගේ කැමරා ජංගම දුරකතන දෙකම තමන් සතුව පැවැති බවයි.

මම මගේ මිතුරියක වූ ජුලියා එල්ගා සමග මේ මස 03 දා ලංකාවට පැමිණියේ සංචාරයක්‌ සඳහායි. අප දෙදෙනාම එකම රෝහලක හෙදියන් ලෙස කටයුතු කරනවා. එසේ පැමිණ පළමු දිනයේ මීගමුවේ හෝටලයක නතර වුණා. ඉන්පසු සීගිරිය, දඹුල්ල, පොලොන්නරුව, අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ කීපයක සංචාරය කරමින් සතියක්‌ ගෙව්වා. පසුගිය 10 දා නුවරඑළියට ගොස්‌ රාත්‍රි හෝටලයක නතර වී පසුදා (11) අලුයම 5.00 ට පමණ හෝර්ටන්තැන්න බලා පිටත් වුණා.

    “අපේ මෙම සංචාරය සඳහා පළමු දිනයේ සිට නීල් ප්‍රේමතිලක නමැති රියදුරු මහතා එක්‌ වුණා. එදා (11) පෙරවරු 7.00ට ලෝකාන්තය බැලීමට අපි දෙන්නා ටිකට්‌පත් ලබාගෙන ඇතුළු වුණා. රියදුරා පිවිසුම් ස්‌ථානයේ නතර වුණා. පැයක්‌ පමණ මෙහි ගත කළා. ලෝකාන්තයේ පහළ හොඳින් බැලීමට යයි කියා අඩි දෙකක්‌ පමණ පහළින් තිබූ ගලට බැස යළි ආපසු උඩට එන්න උත්සාහ කරද්දී මාගේ මිතුරිය පහළට වැටුණා. වහාම මම වනෝද්‍යානයේ භාර නිලධාරීන්ට දැන්වූවා. සෙල්ෆි ගන්න ගියේ නැහැ. අපි දෙදෙනාගේම කැමරා ෆෝන් දෙක මගේ අතේ තිබුණා”

මෙහිදී මෙම සංචාරක කාන්තාවන් දෙදෙනා ගමන් ගත් වාහනයේ රියදුරා වූ නීල් ප්‍රේමතිලක සාක්‌ෂි දෙමින් මෙසේ කියා සිටියා.

    “සිද්ධිය වූ දින පෙරවරු 7.00 ට පමණ සංචාරක කාන්තාවන් දෙදෙනා ලෝකාන්තයට පිවිසුණා. මම ගේට්‌ටුවෙන් පිට තිබූ ආපනශාලාවක තේ බෝමින් හිටියා. මේ වනවිට වේලාව පෙරවරු 8.30 ට පමණ ඇති. මට ඇසුණා උද්‍යානයේ නිලධාරියකු විසින් රේඩියෝ පණිවිඩයක්‌ දෙනවා. එහි සඳහන් වූයේ විදේශීය කාන්තාවක්‌ පහළට වැටුණා කියයි. මම වහාම ඇතුළට ගොස්‌ සොයා බැලුවා. ඉන්පසු සිද්ධිය පැමිණිලි කිරීමට පට්‌ටිපොළ පොලිසියට ගියා”

No comments:

Powered by Blogger.