ගෑස් මිල ඉහළට



ගෑස් මිල රුපියල් 190 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (18) පැවති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය ලබා දී ඇත්තේ.

ගෑස් මිල වැඩි කරන ලෙස ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් ඇමති මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළයාම සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහළයාම සැලකිල්ලට ගනිමින් ගෑස් මිල රුපියල් 323කින් වැඩිකරන ලෙස ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුව වෙත යෝජනා කර තිබෙනවා.

එහෙත් ගෑස් මිල රුපියල් 325කින් නොව රුපියල් 195කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව එකඟතාව පළ කර ඇත්තේ.

No comments:

Powered by Blogger.