"මර්දනයට එරෙහිව ජනබලය කුරුණෑගලට" එන බව නාමල් කියයි

මර්දනයට එරෙහිව ජනබලය කුරුණෑගලට යන නමින් ලබන සතියේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී රැස්වීමක් පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

ඒ ඊයේ පැවති ජන හමුවකදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"අපි ලබන සතියේදී මර්දනයට එරෙහිව ජනබලය කුරුණෑගල නමින් දැවැන්ත රැස්වීමක් සංවිධානය කිරීමට කටයුතු සූදානම් කරමින් ඉන්නවා. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සිදුව ඇති අසාධාරණය පිළිබඳ කතා කිරීමටත් මෙම රැස්වීම අවස්ථාවක් වන අතර, හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාද එයට එක්වීමට නියමිතයි." 

No comments:

Powered by Blogger.