"නාලක ද සිල්වා අත්අඩංගුවට ගන්න ආණ්ඩුව බයයි" - ගම්මන්පිල

නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනිමට ආණ්ඩුව බිය වී සිටින බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව පැවසීය.

රාජ්‍ය නායකයා ඝාතනය කිරිම සඳහා  කුමන්ත්‍රණයක් කිරීම හුදු මිනීමැරුමකට තැත් කිරීමක් නොවන බවත් එය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවත් මන්ත්‍රිවරයා එහිද පැවසීය.

නමුත් මේ වනතුරු  නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනිමට කටයුතු කර නොමැති බවත් හරි නම් මේ වන විට ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතු බවත් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

ඔහු පොලිසියේ දරණ ඉහළ නිලය හේතුවෙන්,  පරීක්ෂණය සිදු කරන නිලධාරින්ටත් බලපෑම් කිරිමට නාලක ද සිල්වාට හැකියාවක් තිබේන බවද මන්ත්‍රීවරයා මෙහිදි පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වු මන්ත්‍රිවරයා පැවසුවේ නාලක ද සිල්වාව රක්ෂිත බන්ධනාගාරගත කිරීම  කෙසේවෙතත් අවම වශයෙන් වැඩ තහනම් කිරීමක් හෝ මේ වන තෙක් සිදු නොකර ඇති බැවින් වත්මන් ආණ්ඩුව නාලක ද සිල්වාට බියවි කටයුතු කරන බවයි.
 

No comments:

Powered by Blogger.