භික්‍ෂූන් වහන්සේලා සිවුරු කරට අරන් දෙමල කඩ ගිනිතිවුවා.. දෙමල මිනිසෙකුට පෙට‍්‍රල් දමා ගිනි තියනවා මං ඇස් දෙකින්ම දැක්කා.. සුළු ජතිකයන් වෙනුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ඔ්නෑමයි..

83 කළු ජූලියේදී භික්‍ෂූන් වහන්සේලා සිවුරු කරට අරගෙන දෙමල ව්‍යාපාරිකයන්ගේ කඩ ගිනි තැබූ බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

දෙමල මිනිසෙකුගේ ඇගට පෙට‍්‍රල් වත්කර ගිනි තබන අයුරු තම ඇස් දෙකින්ම දුටුවේ යයිද ඇය සදහන් කරයි. කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

මෙරට ජීවත් වන සෙසු ජන කොටස්වලට තම අයිතිවාසිකම් නීතියෙන්ම ලබා දීම සදහා නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් උවමනා බවද ඇය කියා සිටී.

No comments:

Powered by Blogger.