පෙම්වතාගේ වයස අසා පෙම්වතියට හීන් දාඩිය දාල

ඇය පාසල් ගමනට ආයුබෝවන් කියා හා හා පුරා කියා රැකියාවකට ගියේ නොබෝදාය. ඇයගේ පළමු රැකියාව වූයේ වෙළඳ සහයිකා තනතුරකි. සුවිසල් වෙළඳසැලේ වැඩට යනවිට ඇයට වයස අවුරුදු දහඅටයි මාස දෙකකි. එහි සේවය කරමින් සිටියදී කඩවසමේ තරුණයකු එහි වැඩට ආවේ ඔය අතරය.

දින සති බවට පෙරළී යද්දී දහඅට හැවිරිදි මේ සුරූපිනිය හා අලුතින් වෑඩට පැමිණි කඩවසම් තරුණයා අතර ඇති වූ මිතුදම් ප්‍රේමයක් බවට පෙරළී ගියේ දෙදෙනාටම නොදැනය. "මට ඔයාව නිතරම මතක් වෙනවා. ඇය ඔහුට කීවාය. "මටත් එහෙමයි.” ඔහු ඇයට කීවේ ප්‍රේම දැලේ පැටලී සිටින මොහාතකය.

 "අපේ අම්මලා මේකට කැමති වෙන එකක් නෑ” ඔහු කීවේ යම් දෙයක් සඟවමිනි. "බෑ බෑ මට දැන් ඔයා නැතුව බෑ. මාව කොහේ හරී එක්කගෙන යන්න. සම්බෝලයි බතුයි කාලා හරී ජීවත් වෙමු.” ඇයගෙන් ඔහුට බේරීයාමට නොහැකි විය. ගෙදරටත් හොරා තරුණායා තරුණිය එක්ක පැනගීයේ ඔය අතරය. තරුණියගේ මව යක්කලමුල්ල පොලිසියට පැමිණිල්ලක් කළේ ඊට පසුවය. පැනගිය දෙදෙනා පොලිසියට කැදවිමට යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති සුමිත් පෙරේරා කටයුතු කළේය.

"මම මෙයාව ආදරෙයි සර්. අම්මලා කියන දේ ඇත්ත සර් මට තාම අවුරුදු දහසයයි" තරුණයා කී දේ ඇසුණු තරුණියට හීන් දාඩිය දමන්නට විය.
"තව අවුරුදු දෙකක් යනකම් මට බඳින්න බෑ. සමාවෙන්න” කියා තරුණයත් තරුණියත් පොලීස් පොතේ අත්සන් කොට වෙන්ව ගියේ හදිසියට කොරහෙවත් අතදමා ගන්නට බැරී බව අවබෝධ කරගනිමිනි.

(ජේ කේ එල් චාමින්ද -දෙයියෝ සාක්කි - ලංකාදීප - අනුග්‍රහයෙනි) 

No comments:

Powered by Blogger.