ඡන්දෙට විතරයි මැති ඇමතිවරු ගමට එන්නේ - ජනපති ඉදිරියේම ජනතාව කියයි (VIDEO)

ඡන්දෙට විතරයි මැති ඇමතිවරු ගමට එන්නේ - ජනපති ඉදිරියේම ජනතාව කියයි (VIDEO)

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහභාගීවන දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජනහමු මාලාව ඊයේ (17) වන දින දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී පැවති අතර විශාල පිරිසක් ඒ සඳහා සහභාගී වූහ.

පදියතලාව ප්‍රදේශයේ පැවති ජනහමුවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහභාගීවන විට ඒ සමඟම හිටපු වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතාද එම හමුවට සහභාගී වූ අතර රැස්ව සිටි ජනතාවගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට උණුසුම් පිළිගැනීමක් හිමිවුවද, විමලවීර දිසානායක මහතාට පදියතලාවේ ජනතාවගෙන් හිමිවූයේ දැඩි අප්‍රසාදයකි.

ජනාධිපතිවරයාට ජනතාව පවසා සිටියේ “හිටපු දේශපාලඥයෝ ඡන්දය ගැනීමට පමණක් පදියතලාවට පැමිණෙන බවත්, ඔවුන් ඡන්දේ ගත්තාට පසුව නැවත පදියතලාවට නොපැමිණෙන බවත්ය.” එවිට ගෝඨාභය ජනාධිපතිවරයා විමලවීර හිටපු ඇමතිවරයා දෙස අත දිගු කර “ඇයි මේ මෙතුමා හැමදාම ඉන්නේ මෙහෙනේ..” කියා පැවසුවද, රැස්වසිටි ජනතාව කියේ සිටියේ එය “බොරු” කියාය.

No comments:

Powered by Blogger.