පවිත‍්‍රාට විරෝධය.. PHIලා සියළු බෝවන රෝග මර්ධනයෙන් ඉවත් වෙති.. PHI නැතිව මැතිවරණය බැරි බව මැකො කියයි..

සියලුම බෝවන රෝග මර්දන රාජකාරිවලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධව පළවූ තොරතුරක් නිසා මෙම තීන්දු ගත් බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ට බලතල ලබානොදීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීමටත් සෞඛ්‍ය ඇමතිනියගේ ප්‍රකාශයට විරෝධය පළ කිරීමටත් විරෝධය පා මෙම තීරණයට ගත් බවද ඔහු පැවසීය.

ඒ අනුව ඊයේ දිනයේ සිට සියලුම බෝවන රෝග වැළැක්වීමේ කටයුතුවලින් ඉවත් වී ම වන බව ද ඔහු සදහන් කලේය.

No comments:

Powered by Blogger.