මැතිවරණය අවසන් වන තෙක් පාසැල් වසා තබන්න - සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කරයි

හ මැතිවරණය පවත්වා අවසන් වන තෙක් රටපුරා පාසල් වසා තබන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත නිර්දේශ ලබා දී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකුද ඒ බව තහවුරු කලේය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණය ගැනීමට නියමිතව තිබේ.

දෙවැනි වරටද වසා දැමුණු පාසල් නැවත ආරම්භ කිරීමේ දිනය සම්බන්ධයෙන් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

විෂය භාර ඇමති ඩලස් අලහප්පෙරුම සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වෙන අතර ඉන් අනතුරුව පාසල් ඇරඹෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.


No comments:

Powered by Blogger.