“රනිල් වික්‍රමසිංහ වගේ නෙවෙයි මම ගෙම්බන්ට ආදරෙයි“
දේශපාලනයේ රසමුසු තැන් සේම තිරයෙන් එහා සිදුවීම් පිළිබඳ විවරණය කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා විසින් රචිත “රනිල් වික්‍රමසිංහ වගේ නෙවෙයි මම ගෙම්බන්ට ආදරෙයි“ නමින් ග්‍රන්ථයක් පසුගියදා එළිදක්වා තිබේ.
සමනලයෙකුට වෛර කළ චන්ද්‍රිකා, කාපිරි මගුලකින් ලෝකය ජයගත් සිරිමාවෝ, අත්පුඩි ගසා පොළොන්නරුව උකුස්සා පලවා හරිමු, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සමරිසි උගුලට, ෂිට් වැඩියෙන් ගැලපෙන්නේ ට්‍රම්ප්ටද? මෛත්‍රීපාලටද?, සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන්, රනිල් වික්‍රමසිංහ වගේ නෙවෙයි මම ගෙම්බන්ට ආදරෙයි, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් ගත්තේ, යන මාතෘකා රැසකින් දේශපාලන කාරණා ගැන විචාරාත්මක කරුණු රැසක් එම ග්‍රන්ථය ඔස්සේ සඳහන් කර තිබේ.
මෙම ග්‍රන්ථයේ ඇතැම් කරුණු දේශපාලනයේ විවාදත්මක කරුණු වන අතර මැතිවරණ උණුසුම මැද පාඨකයින්ට දේශපාලනය ගැන වෙනස්ම ආකාරයේ කියැවීමක් ලබාදෙන කෘතියක් ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා විසින් රචිත “රනිල් වික්‍රමසිංහ වගේ නෙවෙයි මම ගෙම්බන්ට ආදරෙයි“ ග්‍රන්ථය පෙන්වා දිය හැකිය.
පොතක මිල රුපියල් 220ක් වන අතර සරසවි පොත්හල සහ දිවයින පුරා පිහිටි ප්‍රධාන පොත්හල් මගින් මෙම ග්‍රන්ථය මිලදී ගත හැකිය.
No comments: