කොරෝනා පැතිරීමේ අවදානම ඉතාම ඉහලයි.. නිවසින් පිට යන්න එපා.. ගමන් බිමන් නවතන්න - වසංගත විද්‍යා ප‍්‍රධානී

කොරෝනා වෛරසය යළි යළි වතාවක් සමාජය පුරා පැතිරීමේ අවදානම ඉතාමත් වැඩි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

එනිසා හැකිතාක් ගමන් බිමන් සීමා කරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

වැලිසර නාවික හමුදා පොකුර ක්‍රියාත්මක වෙද්දී රට පැවතියේ ලොක්ඩවුන් තත්ත්වයක වුවත් කන්දකාඩු ආශ‍්‍රිතයන් හමුවන්නේ රට විවෘත කර තිබියදී නිසා ආසාදිතයන් සමාජය පුරා ගැවසීමේ ඉඩක් ඇති බවද ඔහු සඳහන් කළේය.

එනිසා අත්‍යවශ්‍ය කරුණකට හැර ගමන් බිමන්වල නොෙයෙදන ලෙස ඔහු දැඩිව ඉල්ලා සිටියේය.

කිසියම් හෝ කාරණාවකට සංචරණය යෙදින්නේ නම් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ඉතාම ඉහළින් අනුගමනය කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.


No comments:

Powered by Blogger.