අඟුලාන සිද්ධිය සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනා අද අධිකරණයට


අඟුලාන පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාර එල්ල කර, රජයේ දේපොලවලට හානි කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට පත්වූ සැකකරුවන් අතර කාන්තාවන් 9 දෙනෙකු ද වන බවයි.

පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගිය සිද්ධියට අදාලව අඟුලාන පොලීසිය අසල ඊයේ නොසන්සුන් තත්ත්වයක් හට ගැනිණි.

අප වාර්තාකරු පැවසුවේ නොසන්සුන් ලෙස හැසිරුණු පුද්ගලයින් විසුරුවා හැරීමට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි.

වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු පුද්ගලයින් 75 ත් 100 ත් අතර පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාර එල්ල කළ බව ද එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් 08කට තුවාල සිදුවී ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

No comments:

Powered by Blogger.