ඊයේ වාර්තා වූ නව කොවිඩ් නයින්ටීන් රෝගීන් 13 ගේ තොරතුරු මෙන්න

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2687 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (16) දිනයේ වාර්තා වූ නව රෝගීන් 13 දෙනාත් සමගය.

එම රෝගීන් 13 දෙනා අතරට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 08 දෙනෙකු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඔවුන් බියගම විලේජ්  නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පිරිසක් බව සඳහන්ය.

ඊට අමතරව ඊයේ වාර්තා වූ රෝගීන් අතර කටාර් හි සිට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු ද වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට රෝගීන් 669 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

රෝගීන් 2007 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

No comments:

Powered by Blogger.