පෑලියගොඩ මාළු වෙළඳපොලේ PCR පරීක්ෂාවට ලක් කළ අය අතර කොරෝනා ආසාදිතයින් නැති බව තහවුරුයි
PCR පරික්ෂණ සඳහා යොමුකළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්, සේවකයින් ඇතුළු 529දෙනාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වි තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ පරික්ෂණයට භාජනය කළ 529දෙනාගේ පරික්ෂා වාර්තා මගින් ඔවුන් කිසිවෙකු වෛරස ආසාදිතයින් බවට තහවුරු වි නොමැති බවයි.
නමුත් ඔවුන් සම්බන්ධයෙන් පසුවිපරමින් කටයුතු කරන බව අනිල් ජාසිංහ මහතා පැවසුවේය.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු ලබාගත් පිළියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකු හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වීමත් සමඟ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්, සේවකයින් PCR පරික්ෂණයක් සදහා යොමුකිරිමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබුවේය.
No comments: