රට සාමාන්‍ය තත්වයට ගෙන ඒමේදී කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් සිදුවිය හැකියි - වෛද්‍ය නවින්ද සොයිසා
රට සාමාන්‍ය තත්වයට ගෙන එන විට කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවත් වෛරසය ලෝකය පුරා වගේම රටේත් තිබෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය.
ඔහු මේ බව පැවසූවේ ඒෂියන් මිරර් ඩිජිටල් කතිකාව සමඟ සජීවීව සම්බන්ධ වෙමිනි.
ඒ ඒ ප්‍රදේශ හඳුනා ගෙන එම ප්‍ර දේශවල සංචරණය සීමා කිරීමට තම සංගමය නිර්දේශ කළ බවත් ඇඳිරි නීතිය ඉවත් කිරීමේදී ඇඳිරි නීතිය පැනවීම හෝ සංචරණය සීමා කිරීම යන්න එම නිශ්චිත කාරණා ඉෂ්ට කිරීමට තාක්ෂණික කණ්ඩායමක් ලෙස එහි අවදානම සහ ඊට ක්‍රියාමාර්ග පෙන්වා දී ඇති බවත් වෛද්‍ය නවින්ද සොයිසා මහතා කියා සිටියේය.
මේවන විට රෝගීන්ගේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන්නේ නාවික හමුදාවේ සෙබළුන් කිහිපදෙනෙකු නිවෙස් වලට ගොස් තිබීමත්, පරීක්ෂණ කරන ප්‍රමාණය වැඩිකිරීම නිසාත් බව හෙතෙම පෙන්වා දුන්නේය.
නාවික හමුදා සෙබළුන් මෙම ක්‍රියාන්විතයේදී සෑහෙන කාර්යභාරයක් ඉටුකල අය බවත් ඔවුන් හිතාමතා රෝගය වැලඳ නොගත් බවත් සෞඛ්‍ය අංශ ලෙස අපේ වගකීම ඔවුන් නිශ්චිත ආකාරයෙන් නිවාස වලට යැවීම බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
ඔවුන්ට නිවාඩු ලබා දීමේදී නිශ්චිත ක්‍රමවේද අනුගමනය කළ යුතුව තිබූ බවත් දැන් කළ යුතුව ඇත්තේ නාවික හමුදා නිලධාරීන් සමඟ ගැටුන පුද්ගලයින් සිටීනම් ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට ලක් වීම බවත් වෛද්‍ය නවින්ද සොයිසා මහතා වැඩිදුරටත් පැවසී ය.
No comments: