සහරාන්ගේ තවත් පුහුණු කඳවුරක් සොයා ගනී

සහරාන්ගේ තවත් පුහුණු කඳවුරක් සොයා ගනී
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් වසරකට පසුව එම ත්‍රස්තවාදී කල්ලියේ නායක සහරාන් හෂීම් මූතූර් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක් පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
 
ඒ මේ වනවිට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සාදික් නමැත්තාගෙන් හෙළි වූ තොරුතුරු වලට අනූවය.
 
මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම වලට හානි කිරීම ඇතුළු අන්තවාදී ක්‍රියාකාරකම් ගණනාවක් සම්බන්ධයෙන් ගම්පොළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු සාදික් නමැත්තා හා ඔහුගේ සහෝදරයා මේ වනවිට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව බාරයේ පසුවේ.
 
මූතූර් තාහිද් නගර් ප්‍රදේශයේ පිහිටි ගොවිපොළ භූමියක තමා ඇතුළු පස් දෙනෙකු පුහුණුව ලබා ඇති බව සාදින් නමැත්තා ප්‍රකාශ කර ඇත. එම ඉඩම් මාවනැල්ල ප්‍රදේශයේ මව්ලවිවරයෙකුට අයත් එකක් බව පැවසේ.
 
කෙසේ වෙතත් එහි සැබෑ හිමිකරු ලෙස තෝපූර් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ද ඉදිරිපත්වී සිටින බව වාර්තාවේ.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා සාදික් නමැති අන්තවාදී සැකකරු කැඳවා ගෙනවිත් එම ඉඩම් පරීක්ෂාවට ලක්කර තිබේ. එහෙත් සැක කටයුතු කිසිවක් හමුවී නොමැති බව වාර්තා වේ.

No comments:

Powered by Blogger.