මංජුල පීරිස්ගේ කතාව බොරුවෙයි - වල්ගාතරු වලින් කොරෝනා එන්න විදිහක් නෑ- මහාචාර්ය චන්දන ජයරත්න

වල්ගාතරුවලින් කොරෝනා බෝවෙන්නෙ නෑ
ඒක මිත්‍යා විශ්වාසයක්

පසුගිය දිනවල ජ්‍යොතිෂ්‍යවේදී මංජුල පීරිස් මහතා  විසින් කොරෝනා පැතිරුනේ වල්ගාතරුවකින් පැමිණි විෂබීජ දූලි නිසා බවට කරුණු දක්වා තිබුණි. 

මෙම කාරනාව සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්වූ අතර ඒ ගැන විද්‍යාත්මකව කථාකරන්නට වඩාත් සුදුස්සා වන කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා පීඨ ආචාර්යවරයෙකු වන මහාචාර්ය චන්දන ජයරත්න දැන් අදහස් දක්වා තිබේ. 


ඔහු පවසන්නේ පෘථිවිය ඝන මීටරයක යකඩ කුට්ටියක් වෙද්දී වල්ගාතරුවක් යනු මදුරුවෙකු වැනි තරම් කුඩා වස්තුවක් බවයි.

වල්ගාතරු පැමිණීමේ බිය අතීතයක සිට විවිධ විපත් කැඳවන්නක් ලෙස මිත්‍යා විශ්වාස පැවතියත් කොරෝනා වෛරසය වැනි දේකට එය කිසිසේත් අදාළ කරගන්නට හැකියාවක් නැති බව ඔහු පෙන්වා දෙයි. ඔහුගේ කතාවේ වීඩියෝව පහතින්

No comments:

Powered by Blogger.