යාපනයේ පාපැදියෙන් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු පාරේදීම මරුට

යාපනය,නාවලර් වීදිය ප්‍රදේශයේදී සිය පාපැදියෙන් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (26) සව හදිසියේ මාර්ගයට වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ යාපනය ඔට්ටුමඩත්තෙයි ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි ටි.වාමනදේවන් නමැ පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

අදාළ පුද්ගලයා පාපැදියෙන් සිය ඥාති නිවසක් වෙත යමින් සිටියදී අදාළ අනතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළා.

පොලිසිය පැවසුවේ මළ සිරුර යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, මරණයට
හේතුව සොයා පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි.

No comments:

Powered by Blogger.