නාවික හමුදා සෙබළුන් වෛරසයට ගොදුරු වුණේ රට සහ ජනතාව ආරක්ෂා කරන්න ගිහින් - යුද හමුදාපති

කොවිඞ්-19 හෙවත් නව කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා දිවා රෑ නොබලා වෙහෙස වී කටයුතු කරන නාවික හමුදා සෙබළුන් පිළිබද වැරදි ආකල්පයකින් නොබලන්නැයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහජනතාවගෙන් යළි ඉල්ලීමක් කරනවා.

යුද හමුදාපතිවරයා කියාසිටියේ වැලිසර නාවික හමුදා සෙබළුන් ද රටේ ජනතාව වෙනුවෙන් විශාල කැප කිරීමක් සිදුකළ බවයි.

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත කියා සිටියේ නිසි සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධායන රීති ආරක්‍ෂා නොකළ පිරිසක් හේතුවෙන් මෙම නාවික හමුදා සෙබළුන් කොරෝනා වෛරසයට ගොදුරු වූ බවයි.

නව කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් දිවයින පුරා පිහිටි රෝහල්, රාජ්‍ය ආයතන, පොදු ස්ථාන මෙන්ම මාධ්‍ය ආයතනද මහජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් විෂබීජහරණයට ලක්කෙරුණේ මෙරට නාවික හමුදා සෙබළුන් අතින්. සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් රෝහල් කිහිපයක ඉදිකෙරුණු නව ඉදිකිරීම් වෙනුවෙන් නාවික හමුදාව සිය ශ‍්‍රමදායකත්වය ලබාදුන්නා.

නිරෝධායන කි‍්‍රයාවලියටද නාවික හමුදාව ලබාදෙන්නේ දැවැන්ත ශක්තියක්. ඉකුත් අපේ‍්‍රල් මාසයේදී ජාඇල, සුදුවැල්ල ප‍්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු හදුනා ගැනීමත් සමග අවස්ථා කිහිපයකදී එම ප‍්‍රදේශයේ පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නාවික හමුදාව පියවර ගත්තා. එම අවස්ථාවේදී රාජකාරියේ නිතර වූ නාවික හමුදාවේ සෙබළුන්ට අදාළ පුද්ගලයින්ගෙන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර පසුව එය සෙබළුන් 70 කට ආසන්න සංඛ්‍යාවක් කරා ව්‍යාප්ත වුණා


No comments:

Powered by Blogger.