කොරෝනා රෝගීන් දින හයෙන් සුව කරන ඖෂධයක් සොයා ගනී

කොරෝනා රෝගීන් දින හයෙන් සුව කරන ඖෂධයක් සොයා ගනී

කොරෝනා රෝගීන් සඳහා අත්හදාබලන ලද ඖෂධයක් ලොව පුරා බොහෝ අසාධ්‍ය රෝගීන් සඳහා සාර්ථක වී ඇති බව වාර්තා වේ.

“රෙම්ඩේසිවර්“ නමැති මෙම ඖෂධය ලබා දුන් බොහෝ රෝගීන්ට එම රෝගය සුව වී ඇතැයි විවිධ රටවල රෝහල් මගින් සනාථ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හුස්මගැනීමේ දැඩි අපහසුතා සහ උණ රෝගය තිබු රෝගීන්ට මෙය ලබා දී තිබේ.

කෙසේ වෙතත් ඖෂධ නියාමන ආයතන තවමත් නිල වශයෙන් මෙම ඖෂධය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර නැතත් එය පර්යේෂණ මට්ටමෙන් රෝගීන්ට ලබා දෙන්නට අවසර ලබාදී ඇත.

මෙම ඖෂධය මීට පෙර ඉබෝලා රෝගය සඳහා සුළු සාර්ථකත්වයක් පෙන්නුම් කල අතර සාර්ස් හා මර්ස් රෝග සඳහා සාර්ථක වී තිබිණි.

මෙම ඖෂධය ලබා දීමෙන් දින හයක් අතුලත රෝගීන් පූර්ණ සුවය ලැබූ බව වාර්තා වේ.

No comments:

Powered by Blogger.