"ලංකාව කොරෝනා පාලනයෙන් ලෝකයේ උඩින්ම ඉන්නවා යයි කීම පට්ට බොරුවක්" - අජිත් පී පෙරේරා

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම තැනක ඉන්නවා යැයි කීම පට්ට බොරුවක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක එජාප හිටපු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

ආණ්ඩුව විසින් ඕස්ට්‍රේලියාවේ සිටින තම හිතවතුන් ලවා එවන් වාර්තාවක් සකස් කරවාගෙන ලෝකෙන්ම ඉහළින් ඉන්නවා යැයි කීමට උත්සාහ කරන බවද ඔහු පැවසීය.

ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු සඟවමින් යථාර්ථය ඉදිරිපත් නොකර බව ද ඔහු කියා සිටියේය.

මෙයාකාරයෙන් ව්‍යාජ වාර්තා සකස් කිරීමට තොරතුරු දෙන්නේ කවුදැයි තමන් විසින් සොයා ගෙන ඇති බවද ඔහු තව දුරටත් පැවසීය.

No comments:

Powered by Blogger.