මැයි 11 පාසල් විවෘත කළ හැකිද? ඇමැති ඩලස් පිළිතුරු දෙයි
මැයි මස 11 වනදා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයකට එළඹිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අමාත්‍යවරයා මේබව පැවසූවේ මාතර දිස්ත්‍රික් කොරෝනා කළමනාකරණ කමිටුවට 17 දින එක්වෙමිනි.
පාසල් විවෘත කිරිමේ තිරණය සෞඛ්‍ය අංශ වල පුර්ණ අනුමැති මත සිදුකරන බව අමාත්‍යවරයා පැවසීය.
එහිදී ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
“විවිධ අරමුණු හිතේ තියාගෙන එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් මොනතරම් බොරු ප්‍රචාරය කළත් පාසල් දරුවන් කිසිසේත් වාහකයකු කරන්න ඉඩ දෙන්නේ නෑ. 20 වැනිදා පාසල් විවෘතකරන බවට බොරු ප්‍රචාර යවනවා. ලෝකයේ අනෙක් රටවල් ඒ ගැන හිතන්නත් කලින් රජය පාසල් වසා දරුවන් ටික ආරක්ෂාකරගන්න කටයුතු කළා“
“අපි පාසල් විවෘත කිරීම පිළිබඳ දිනයක් දැනට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ මැයි මස 11 දින. එම විවෘතකිරීම කරන්නේත සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවයි. එසේ නොමැතිව අපි අත්තනෝමතික තීන්දු වලට යන්නේ නෑ. කිසිසේත් දරුවන්ට කරදරයක් වන්න අපි ඉඩතබන්නේ නෑ. ඇමරිකාවේ ආණ්ඩුව හා රෝහල් පසුපස ලෙඩ්ඩු දුවනවා. අපේ ආණ්ඩුව, බුද්ධි අංශ ලෙඩ්ඩු හොයා හොයා ඹවුන් පිටුපස දුවනවා.
මේ වෙනස නොතේරෙන අයගේ කතා ගැන තව කතා මොකටද? කොරෝනාට එරෙහි සටන කරන්නේ තනි පුද්ගල මතයකට නොවෙයි. කණ්ඩායමක් ලෙස. තීන්දුගන්නේ කණ්ඩායමක් ලෙස සාකච්ඡාකර.
ක්‍රියාත්මක කරන්නේත් එහෙමයි.
ලෝකයේ කිසිදු රටක නැති විදියට ජනතාවට සහන සලසන්න රජය ක්‍රියාකළා. ඒ ශක්තිමත් භාණ්ඩාගාරයක් තියාගෙන නොවෙයි. ආර්ථිකයේ ප්‍රශ්න, අපහසුතා තිබුණත් මේ බැරෑරුම් මොහොතේ ජනතාව ඉන්නා අමාරරුව රජය හොඳින්ම හඳුනාගෙනයි වැඩකරන්නේ.“
No comments: