රජයෙන් දෙන වියලි සළාක බෙදා දීමට නාවික හමුදාව මැදිහත් වෙයි
රජය මගින් ජනතාවට ලබා දෙන විශේෂ වියළි සලාක පාර්සලය යාපනය දිස්ත්‍රික්කය තුළ ඉතා කඩිනමින් බෙදා දීම සදහා නාවික හමුදාව පියවර ගෙන තිබේ.
උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ උපදෙස් මත එම වියළි සලාක පාර්සලය බෙදා දීමේ කටයුතු සදහා නාවික හමුදාව පෙරමුණ ගෙන සිටියි.
විශේෂයෙන්ම යාපනයේ දූපත් ආශ්‍රිත ප්‍රදේශ වලට එම සහන මල්ල හෙවත් වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සලය බෙදා හැරීම සදහා නාවික හමුදාවේ යාත්‍රා උපයෝගී කරගෙන තිබේ.
මේ අතර යාපනයේ ප්‍රවාහන පහසුකම් නොමැති දූපත් ප්‍රදේශ වලට හා සෙසු ප්‍රදේශ වාට ගමන් පහසුකම් සපයා දීමටත් එම වැසියන්ගේ භාණ්ඩ ප්‍රවාහනය කොට දීමටත් නාවික හමුදා යාත්‍රා සහ වාහන යොදවා තිබේ.
(දිනසේන රතුගමගේ)
No comments: