බේරුවල, අටලුගම, අකුරණ, යාපනය, මීගමුව, රත්නපුර කොරෝනා පොකුරු සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන්

කොරෝනා රෝගීන් වාර්තා වූ ප්‍රදේශ 06ක පොකුරු අද වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මෙසේ පාලනය කර ඇත්තේ බේරුවල, අටලුගම, අකුරණ, යාපනය, මීගමුව හා රත්නපුර යන ප්‍රදේශවල ඇති වූ රෝගී පොකුරු බවත් ඔහු පැවසීය.
තවමත් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ සමාජගත වීමේ තත්ත්වයක් පෙනෙන්නට නොමැති වුවද තවත් තවත් වර්ධනය වුවහොත් සමාජගත වීමේ අවදානම වැඩි වන බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් යම් යම් ප්‍රදේශවල රෝගීන් වැඩි වීම හොඳ දෙයක් නොවන බව බව ඔහු තවදුරටත් කියා සිටියේය


No comments:

Powered by Blogger.