සමාජ දුරස්තභාවය ගැන ගැටලුවක් - කෙසෙල්වත්තේ පර්චස් විස්සක පවුල් 62ක්
දැනට ලංකාවේ එක ස්ථානයකින් කොවිඩ් රෝගීන් වැඩිම ප්‍රමාණයක් හමු වූ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පර්චස් විස්සක පවුල් හැට දෙකක් පදිංචිව සිටින බව කොළඹ මහ නගර සභාව පවසයි.
එම පවුල් තට්ටු නිවාසවල ජීවත් වන නිසා සමාජ දුරස්තභාවය පිළිබඳ ගැටලුවක් පවතින බව ද කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා පවසයි.
කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් ඊයේ දිනයේ දී පමණක් ආසාදිතයන් තිස් දෙකක් වාර්තා විය. මෙම ප්‍රදේශයෙන් පෙරේදා (19) දිනයේදී ද රෝගීන් පහළොවක් හමු වී ඇත.
ඊට පෙරද 10 දෙනෙක් හමුවී තිබුණි. මේ අනුව මෙම ප්‍රදේශයෙන් පමණක් රෝගීන් පනස් හතක් සොයා ගෙන තිබේ. කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් පදිංචි පුද්ගලයින් තුන්සිය විසි දෙකක් මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇත.
No comments: