යළි රැකියා දිය හැක්කේ 30%කට පමණයි - ඇඟලුම් කම්හල් හිමියෝ
ඇඟලුම් කර්මාන්තශාලා යළි ආරම්භ කිරීමේදී එහි සේවක සේවිකාවන්ගෙන් 30%කට පමණක් යලි සේවයට කැඳවීමටත්, මාස හයක කාලයක් යනතුරු සේවක අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් නොගෙවීමටත්, අවස්ථාව ලබාදෙන ලෙසට ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන් රජයෙන් ඉල්ලා තිබේ.
ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන් ලක්ෂ හතරකට අධික පිරිසක් සේවය කරනු ලබන අතර රටේ පවතින තත්ත්වය යටතේ සියළු සේවකයන් එකවර සේවයට කැඳවීමට නොහැකි ව ඇතැයි ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රෙහාන් ලක්ෂානි මහතා සඳහන් කරයි.
මෙරට තුළ ඇඟලුම් කර්මාන්ත ශාලා දෙසීයක පමණ ප්‍රමාණයක් පවතින අතර ඒවායේ ලක්ෂ හතරක පමණ පිරිසක් සෘජු රැකියාවල යෙදී සිටින බවත්, ඊට අමතරව ලක්ෂ 15ක පමණ පිරිසක් වක්‍ර රැකියාවල යෙදී සිටින බවත් ඔහු කියා සිටියේය.
ඇගළුම් කර්මාන්ත මුළු මුළුමනින් කඩා වැටී ඇති නිසා සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සඳහා සේව්‍ය සේවක දෙපාර්ශවය ගෙවිය යුතු මුදල් ගෙවීම මාස 6 ක සහන කාලයකට යටත් කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.
තව වසර පහකින් ඇඟලුම් කර්මාන්තය මුළුමනින්ම ඉවරයි
මේ අතර මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා කියා සිටින්නේ වසර 2025 පමණ වනවිට ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය මුළුමනින්ම අහිමිවීයාමේ අවදානමක් පවතින බවයි.
Covid-19 වෛරස ව්‍යාප්තිය ආරම්භවීමට ප්‍රථම සිට මෙරට ඇඟලුම් කර්මාන්තය දැඩි අසීරුතා මධ්‍යයේ ක්‍රියාත්මක වූ බව ද හෙතෙම කියා සිටී.
ඒ අතර ලංකාවේ සේවක වැටුප් ඉහළ යාමත්, ඇඟලුම් ආනයනය කරනු ලබන ඇමරිකාව වැනි රටවල් ආසන්නයේ ඇති රටවල් ඇඟලුම් නිෂ්පාදනය සඳහා අඩු වියදම් රොබෝ තාක්ෂණය යොදා ගැනීමත් නිසා ශ්‍රී ලංකාවට ඇඟලුම් කර්මාන්තය තුළ තරගකාරී ලෙස රැඳීමේ අවස්ථාව සීමා වී ඇති බවද හෙතෙම කියා සිටී.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ අනතුරට මුහුණ දීමට නම් ඇඟලුම් කර්මාන්තයෙන් මිදී තොරතුරු හා සන්නිවේදන උසස් තාක්ෂණ මත පදනම් වන ආයතන කරා මාරු වීම අතිශය වැදගත් බවයි.
දරුණු ලෙස ආර්ථිකය කඩා වැටී ඇති මේ අවස්ථාවේ එවැනි ප්‍රතිපත්තිමය මාරුවක් සඳහා හොඳ අවස්ථාවක් ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.
-srilankamirror

No comments: