කලින්ම රට "Shutdown" කලානම් අද මේ ප්‍රශ්න නෑ - සජිත්ගෙන් ආණ්ඩුවට උපදෙස් මාලාවක් (VIDEO)
සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ දිනයේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ වහා පාර්ලිමේන්තුව කැඳවා පවතින තත්ත්වය ගැන සාකච්ඡා කළ යුතු බවයි.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය මත ඇතිවී තිබෙන තත්වය හේතුවෙන් මැතිවරණය අවලංගු කර පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ‘ෂට් ඩවුන්’ (ShutDown) කරන්නැයි තමා ඉල්ලා සිටි බවද එමේ කලේ නම් රට සුක්‍ෂිත වන බවත් ඔහු සඳහන් කළේය.
ඔහුගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජජාලාවල එල්ල වන්නේ දැඩි විවේචනයකි.
පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා විසින් කියා සිටියේ තමනට ඇත්තේ ශ‍්‍රී මුඛයක් බවයි. මෙම ප‍්‍රකාශයද කලේ එතැනිනි.
කෙසේ නමුත් මීට දින කිහිපයකට පෙර ඔවුන් ඉල්ලා සිටියේ රට වහා ලොක් ඩවුන් (LockDown)කරන ලෙසයි.
ෂට් ඩවුන් හෝ ලොක් ඩවුන් යනු කුමක්දැයි එම පාර්ශවයන් වෙනුවෙන් කිසිවෙකු මේ දක්වා අර්ථ නිරූපනයක් ඉදිරිපත් කර නැත.
No comments: