සමහර මුස්ලිම් නායකයෝ අද හීලෑවෙලා - චන්දිම ගමගේ

සමහර මුස්ලිම් නායකයෝ අද හීලෑවෙලා - චන්දිම ගමගේ

18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කිරීමේ වත්මන් ආණ්ඩුවේ උත්සාහය පරාජය කරන බව එක්සත් ජාතික පක්ෂ  පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසයි.

නොච්චියාගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් අසන ලද පැනයන්ට මන්ත්‍රීවරයා විසින් පිළිතුරු ලබා දුන්නේය.

ප්‍රශ්නය - විපක්ෂනායකතුමා ඉල්ලා අස්වෙන්නේ නැති කතාවක් තියෙනවා. පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දෙන්නේ නෑ කියලා.

මෙයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, පක්ෂ නායකත්වය ලබා දීම ගැන මෙතෙක් අවසන් නොමැති බවයි.

විපක්ෂ නායකකම සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට කටයුතු කර ඇති අතර ඉදිරියේ දී මැතිවරණය ජයග්‍රහණය කර ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන බවත් මන්ත්‍රිවරයා මෙහිදී පැවසීය.

ප්‍රශ්නය -  පාඨලී චම්පික අමාත්‍යවරයාව අත්අඩංගුවට ගැනීම තුළ දේශලපාලන පළිගැනීමක් නැති බව පොදු ජන පෙරමුණ පවසනවා.

සමහර මුස්ලිම් නායකයින් අද හීලැ වී සිටින බවත් පැවසු මන්ත්‍රීවරයා, විල්පත්තුව, සහරාන් හා ගෝඨාභය මහතා ඝාතනය කරන්න උත්සහ දැරීම වැනි ප්‍රශ්න අද වන විට යට ගොස් ඇතැයි ද පැවසීය.

නමුත් අද වන විට අධිකරණයෙන් අවසන් කළ නඩුවක් පාඨලී චම්පික මහතාට එරෙහිව නැවත ගෙන ඇතැයි ද සුදුවෑන් සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවක් රාජිත සේනාරත්න මහතාට එරෙහිව නැවත කරලියට ගෙන ඇතැයි ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

මෙවැනි ක්‍රියා දේශපාලන වාසි උදෙසා සිදු කරන බවත්,  මොවුන්ගේ යටි අරමුණ වන්නේ මහමැතිවරණය සඳහා තුනෙන් දෙකක බහුතරයක් ඇති කර ගැනීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පැවසීය.

මොවුන්ගේ අදහස වන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර 18 බලාත්මක කිරීම බවත්, එයට කිසිසේත්ම ඉඩක් තමා නොතියන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ප්‍රශ්නය - රාජිත අමාත්‍යවරයාත් දැන් බයවෙලා ඇප ලබා ගන්න උත්සාහ කරනවා.

රාජිත සේනාරත්න මහතා බිය වී නොමැති බවත් ඕනෑම අයෙක් තමන්ට විරුද්ධව නඩුවක් ඇති විට අසාධාරණ ආකාරයෙන් තමාට සිරගත කිරීමට උත්සහ දැරීමක් දැනුන විට මෙලෙස අපේක්ෂිත ඇප අයඳුම්පතක් ඉදිරිපත් කරන බවත් පැවසු මන්ත්‍රීවරයා, දේශපාලනය පහසුවෙන් කළ හැකි වන්නේ එළියේ සිටින විට බවත් පැවසීය.

No comments:

Powered by Blogger.