පොහොට්ටුව තුරුම්පු අදී.. කණ්ඩායම් නායකත්වය බැසිල්ට දෙයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා සදහා පක්‍ෂ දෙකෙන්ම නව සාමාජිකයන් පත් කර තිබේ.
සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා ශ්‍රීලනිප කණ්ඩායම වෙනුවෙන් නම් කර ඇති අතර ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න සෙසු සාමාජිකයන් වෙයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තම කණ්ඩායමේ නායකත්වය සදහා බැසිල් රාජපක්‍ෂ මහතා පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම කටයුතු කරති.

අනින්දා දිනයේදී මෙම සාකච්ඡාවල මීලග වටය පැවැත්වීමට නියමිතය.

No comments:

Powered by Blogger.