සන්ධානය හදන්න සජිත් පාර්ශවයේ යෝජනා කබීර් බාරදෙයි
යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා වෙනස්කම් සඳහා වන සජිත් පාර්ශවයේ යෝජනා පසුගිය සිකුරාදා (23) එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා විසින් බාරදී තිබේ.
ඒ අනුව එජාප නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24) ප්‍රකාශ කළේ සන්ධානය පිහිටුවීම දැන් එහි අවසාන අදියරේ පවතින බවයි.
අංකුඹුර මාර්ග සංවර්ධනය ඇරඹිමෙන් හා නව බස් තැවතුම්පොළ විවෘත කිරීමෙන් පසු පැවති ජනහමුව අමතමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.
එහිදී ඔහු අවධාරණය කළේ සන්ධානයේ ප්‍රතිපත්ති එළිදැක්වීම හා අපේක්‍ෂකයා නම් කිරීම සමාන්තරව සිදු කිරීමට බලාපොරොත්තු වන බවය.
සන්ධානයට එක්වන සියලූ දේශපාලන පක්‍ෂ තම තමන්ගේ පක්‍ෂ අනන්‍යතාව ආරක්‍ෂා කර ගනිමින් සන්ධානය හා අත්වැල් බැදගන්නා බවද වික්‍රමසිංහ මහතා එහිදී හෙළි කළේය.
හෂීම් මහතා විසින් මෙම සංශෝධන අමාත්‍ය රජිත සේනරත්න වෙත ඉදිරිපත් කර ඇති බව පැවසේ.
යෝජිත සන්ධාන හවුල්කරුවන් නියෝජනය කරමින් එක්සක පක්ෂයේ සභාපති හා අමාත්‍ය සේනරත්න විසින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාවේ අවසාන කෙටුම්පත සකස් කිරීමේ කාර්යය භාරගෙන සිටිති
කෙසේවුවද, මෙතෙක් අපේක්ෂකයා නම් කරනු ලබන්නේ සන්ධානයට පෙර ද, පසුවද යන්න පිළිබඳව ස්ථිර නිගමනයකට පැමිණ නොමැති බවද වාර්තා වේ.
අපේක්ෂකයා කවුරු වුණත් සන්ධානය සහය දෙනවා - චම්පික
මේ අතර, අංකුඹුරේ ජන හමුව අමතමින් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණය නියත වශයෙන්ම ජයගත හැකි අපේක්‍ෂකයෙක් එක්සත් ජාතික පක්‍ෂය නම් කළ යුතු බවත්, ඒ අපේක්‍ෂකයා කවුරුන් වුවත් ඔහුට ඉදිරියේදී පිහිටුවන සන්ධානයෙන් සහයෝගය ලබාදෙන බවයි.
සන්ධානය තවත් සති දෙකකින් - කිරිඇල්ල
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තු සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ සන්ධානය ගොඩනැගීමට අවශ්‍ය සියලූ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත්, ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත සන්ධානය පිහිටු වන බවයි.

No comments: