රාජ්‍ය අංශයට සාපේක්ෂව පෞද්ගලික අංශය ඉදිරියෙන්
ඇතැම් දේශපාලනඥයින් විසින් ගන්නා වැරදි තීන්දු තීරණ හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අයහපත් බලපෑම් එල්ල වී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ලෝකයේ වෙනත් රටවල ඇති විශාල ඉදිකිරිම් සම්බන්ධයෙන් මෙරට ජනතාව සිහින දැක්කද ලංකාවේ භූමියේ පිහිටීමද එහිදී සැළකිය යුතු කරුණක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඉදිකිරීම් කාර්යයේ දී පෞද්ගලික අංශය රාජ්‍ය අංශයට සාපේක්ෂව ප්‍රමිතියෙන් හා තත්ත්වයෙන් උසස් ලෙස ඉදිරියට ගමන් කරන බවත් ඉදිකිරීම් ක්ශ්‍රෙත්‍රෙය් ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කරමින් ඉදිරියට යාමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
No comments: