බැදුම්කර බෑණා මිලියන 75ක සල්ලි ගෝනියක් රනිල්ගේ ගෙදරටම ගිහින් දීලා.. බැදුම්කර මාමා සිංගප්පූරුවේ සිට හෙලි කරයි

හ බැංකු බැදුම්කර වංචාවේ ප‍්‍රධාන චූදිත අර්ජුන් ඇලෝසියස් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් මිලියන 75ක මුදලක් ඔහුගේ නිවෙසට ගෙන ගොස් භාර දී ඇති බව අද මව්බිම පුවත්පත වාර්තා කරයි. මෙම මුදල භාරදී ඇත්තේ 2015 ජූලි 23 වැනිදා කොළඹ 03, පස්වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගොස් බවද එහි සඳහන් වේ.

එදින රාත්‍රියේ අටට පමණ අර්ජුන් ඇලෝසියස් නිවසට පැමිණෙන බව දැනුම් දීමෙන් පසුව ආරක්ෂක අංශ වලට ඒ බව දැනුම් දී ඇති බවද සඳහන්ය.

පසුව අර්ජුන් ඇලෝසියස් පැමිණ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ කාමරයකට ගොස් මිලියන 75 ක මුදල ප‍්‍රමාණයක් ලබා දී ඇති බවද මව්බිම වාර්තා කරයි.

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් හා තවත් බොහෝ තොරතුරු සිංගප්පූරුවේ සිට හෙළි කිරීමට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සූදානම්වන බවද මව්බිම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.

මෙම පුවතේ සම්පූර්ණ වගකීම මව්බිම පුවත්පත සතුය.. උපුටා ගන්නා ලද්දේ එයිනි.


No comments:

Powered by Blogger.