රාජපක්ෂලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන බවට චමිරගෙන් චෝදනාවක්
රාජපක්ෂලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන පිරිසක් බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.
චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ ඊයේ (25) හැටන් හිල්සයිඩ් හෝටලයේ පැවති මාධ්‍යය හමුවක දීය.
මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසිය.
"ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා ප්‍රජාතන්ත්‍රවාදය අපි රැක ගැනිම සදහා කටයුතු කරා, යුද්ධය ඉවර කිරිමම ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරිමක්, අපි මාධ්‍යයවේදින්ට ඉඩ දුන්නා, ලියන්න ඉඩ දුන්නා, මේ යෝධයාටම සිහි කල්පනාවක් නැද්ද, රාජපක්ෂලාගේ පවුලේ වුන්ට සිහි කල්පනාවක් නැද්ද, අමතක විමේ රෝගයක් තියෙනවද? යුද්ධය පැවති කාලයේත් මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කලා, මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනි සිටියා, ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදි ගුණාංග රැක ගන්න කටයුතු කලා. ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණේ යුද්ධෙන් පස්සේ . ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයේ අපෙක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව ඉල්ලනවා. කොළඹ රොයල් ජුන්ඩාවේ කට්ටියක් කරු ජයසුරිය මහතාව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා උත්සහ කරනවා, අපි කියනවා ජනතාව අපෙක්ෂා කරන, ජනතාව ඉල්ලන නායකයා සජිත්, ජනතාවගේ ඉල්ලිම අභිබවා ගිහිල්ලා කරු ජයසුරියව ජනාධිපති අපේක්ෂකයා කරලා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරන්න කටයුතු කරන්න එපා කියලා."
(හැටන් රංජිත් රාජපක්ෂ)
No comments: