විශ්වාසභංගයට ටීඑන්ඒ එරෙහි වීම ගැන සම්බන්ධන් කියයි

විශ්වාසභංගයට ටීඑන්ඒ එරෙහි වීම ගැන සම්බන්ධන් කියයි

දෙමළ ජනතාවට කෲර අන්දමින් සැළකූ පාලනයක් ගෙනගිය විනාශකරී ඒකාධිපති පාලනයකට නැවතත් ඉඩ තැබිය නොහැකි හෙයින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට සහාය වූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය.

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට එරෙහිව දෙමළ ජාතික සන්ධානය එරෙහි වීමේ තීරණය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සම්බන්ධන් මහතා මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ සම්බන්ධන් මහතා මෙසේද කීය.

"විශ්වාසභංගයකින් එක් ආණ්ඩුවක් පරාජය කරන්නේ නම් තවත් ආණ්ඩුවක් බලයට පත්වෙනවා. එසේ වුණා නම් වත්මන් තත්වය මැද කොයි ආණ්ඩුව බලයට එනවද කියල අප හොදින් දන්නවා. ඒ ආණ්ඩුව තමයි කලින් රට පාලනය කළෙත්. ඒ ආණ්ඩුවෙන් දෙමළ ජනයාට හොඳක් සිදුවුණාද ? කියල අප විමසා බැලිය යුතුයි. පසුගිය ඒ ආණ්ඩුවෙන් දෙමළ ජනතාවට වචනයෙන් කිව නොහැකි තරම් වේදනාවන් විදින්නට සිදුවුණා.දෙමළ ජනතාව යටපත් කරගනිමින් ඉතා කෲර අන්දමින් දෙමළ ජාතිය විනාශ කළ  පිරිසකට නැවතත් බලයට පැමිණීමට ඉඩ දිය හැකිද ? නැවතත් ඒකාධිපති විනාශකාරී පාලනයක් අපට පිළිගත හැකිද ? මේ ගැන සැළකිල්ලට අරන් තමයි දෙමළ ජාතික සන්ධානය රජයට එරෙහි විශ්වාසභංගයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේ. අපි එම උත්සහාය පරාජය කළා. ඒ වගේම වත්මන් ආණ්ඩුව ගැන අපගේ ජනතාවට කිසිදු විශ්වාසයක් නැහැ.මේ රජය ගැන විවේචන රැසක් එල්ල වී තිබෙනවා."

"නමුත් පසුගිය ආණ්ඩුවට සාපේක්ෂව වත්මන් ආණ්ඩුව දෙමළ ජනතාව වෙනුවෙන් යහපත් කාර්යන් කිහිපයක් හෝ සිදුකරො තියෙනවා. දෙමළ ජනතාවගේ මූලික ගැටලු විසදන්න මේ ආණ්ඩුවේ නායකත්වය වගවීමෙන් සිටිනවා. ඇතැම් ගැටලු කඩිනමින් විසදලා දෙනවා කියලා ආණ්ඩුවේ නායකත්වය අපට පොරොන්දු වී තිබෙනවා. නමුත් තව වසරකින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනවා. මේ ආණ්ඩුව මාර්ගයෙන්ම දෙමළ ජනතාවගේ ගැටළු වලට විසඳුම් ගෙන එන්න ඕනෑ. මෙයද සැළකිල්ලට අරගෙන තමයි විශ්වාසභංගයට එරෙහිව කටයුතු කළේ "යැයි ද සම්බන්ධන් මහතා කීය.

No comments:

Powered by Blogger.