රාජ්‍ය ආයතන වල දරුවන්ගේ ජායාරූප එල්ලා ගන්න - යුක්රේන් නව ජනපති



කිසිඳු රාජ්‍ය ආයතනයක තම ජායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙසත් ඒ වෙනුවට රාජ්‍ය ආයතන තුළ තම දරුවන්ගේ ජායාරූප එල්ලාගෙන සිටීමේ වැදගත් කම  යුක්‍රේනයේ නව ජනාධිපතිවරයා ලෙස වොලොදිමීර් සෙලෙන්ස්කි අවධාරණය කර තිබේ.

ජනාධිපති යනු විශේෂයක්  නොවන බව මෙන්ම ඒ වෙනුවට තීන්දු තීරණ ගැනීමේදී දරුවාගේ ජායාරූපය දෙස බලා තීන්දු තීරණ ගැනීමේ වැදගත්කමත් ඔහු අවධාරණය කර ඇත.

යුක්රේන නව ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින්ය.

No comments:

Powered by Blogger.