"ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ තෝරු මෝරු තවම නිදැල්ලේ" - රන්ජන්

පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට අත්අඩංගුවට ගත යුතු තෝරු මෝරුන් තවමත් නිදැල්ලේ සිටින බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවැසීය.
 
රාමනායක මහතා මේ බව පැවැසුවේ හදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.
 
“මේ සිද්ධියේ තෝරුන් මෝරුන් ටික තවමත් ඉන්නේ නිදැල්ලේ. අල්ලගෙන ඉන්නේ හාල්මැස්සො ටිකක් විතරයි. එය වැරදියි. මේ රටේ සිදුවුණු අනෙකුත් අපරාධවලටත් අල්ලගෙන ඉන්නෙ පොඩි පොඩි අය විතරයි. පාස්කු ප්‍රහාරය ගැන මෙතැන බොහෝදෙනෙකු කල්තියා දැනසිටියා. ඔවුන්ගේ කතාවලින් ඒ බව පෙනුණා. අප මෙතැන කතාකරලා වැඩක් නැහැ. මෙතැන කතා කළාට මැරුණු අයට පණ එන්නෙ නැහැ. සාධාරණය ඉටුවන තුරු ජනතාව කෝපයෙන් බලා සිටිනවා. ජනතාවගේ කෝපය සර්ව සාධාරණයි” යනුවෙන් ද රාමනායක මහතා පැවසීය.

No comments:

Powered by Blogger.