ඥානසාර හිමියෝ දේශපාලන බලවේග ප්‍රතික්ෂේප කරති

ඥානසාර හිමියෝ දේශපාලන බලවේග ප්‍රතික්ෂේප කරති

සිරදඬුවමින් නිදහස් වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කිසිදු දේශපාලන බලවේගයක් සමඟ එක් නොවීමට  තරයේ තීරණය කර ඇතැයි එම සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.

ඥානසාර හිමියන් අනිද්දා (26) මහනුවරට ගොස් දළදා සමිඳුන් වැඳ පුදාගැනීමට නියමිතය.
 
ඉන් අනතුරුව උන්වහන්සේ මල්වතු - අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද හා අනුශාසනා ලබාගන්නා බව එම සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.
 
මෙහිදී ඥානසාර හිමියන් දේශහිතෛශී නව වැඩපිළවෙළක් පිළිබඳව මහා නායක හිමිවරුන් දැනුම්වත් කිරීමට නියමිත බවද, උන්වහන්සේ දේශපාලන බලවේග හා සම්බන්ධ නොවීමට තීරණය කර ඇතැයිද නන්ද හිමියෝ සඳහන් කළහ

No comments:

Powered by Blogger.