පාස්කු ප්‍රහාරය : පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් කාවින්ද ජයවර්ධන ඉල්ලා අස්වෙයි
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි චෝදනා ඇතුළුව අප්‍රේල් 21 වන දා සිදු වූ ප්‍රහාරය සම්බන්ධ සිදුවීම සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ඉල්ලා අස් වී තිබේ.
මේ සම්බන්ධයෙන් කථානායකවරයා පාර්ලිමේන්තුවට කරුණු දැනුම් දුන්නේ ය.
ඒ අනුව අදාළ කමිටුව සඳහා අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කර තිබේ.
No comments: