අරාබි පාසලට එරෙහිව මහරගම විරෝධතාවයක්



මහරගම පමුණුව ප්‍රදේශයේ පිහිටි අරාබි පාසලට විරෝධය පල කරමින් විරෝධතාවයක් ඊයේ එම අරාබි පාසල ඉදිරිපිටදී පැවැත්විණි .

ප්‍රදේශයේ ජනතාව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර ඔවුන් පැවසුවේ එම ප්‍රදේශට අරාබි පාසලක් කිසි ලෙසකින් අවශ්‍ය නොවන බවත් මහරගම ප්‍රදේශයේ සහෝදර මුස්ලිම් ජනතාව එම පාසලට නොයන බවත් නිට්ටඹුව වැනි දුර පළාත් වලින් පිරිස් මෙම අරාබි පාසලට පැමිණෙන බවත්ය.එම නිසා මෙම අරාබි පාසල මෙම ස්ථානයෙන් ඉවත් කරන ලෙස රජයට බල කරන බවත් රජය විසින් ක්‍රියාමාර්ගයක් නොගතහොත් විරෝධතා ව්‍යාපාරය මීටත් වඩා ශක්තිමත් කොට ක්‍රියාත්මක කරන බවත් පැවසුවේය.

පෙ.ව 11.30 ට පමණ ආරම්භ වූ විරෝධතාව පැයකට වැඩි කාලයක් පැවති අතර පොලීසිය හා හමුදාව එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටියේය.

No comments:

Powered by Blogger.