නුවරඑළියෙන් ඩෙටනේටර් තොගයක් හමුවෙයි.
නුවරඑළිය හාවාඑළිය මහින්ද මාවතේ ඇළ මාර්ගයක තිබී ඩෙටනේටර් 198 ක් සොයාගෙන තිබෙනවා.
එම ස්ථානයේ තිබී සන්නිවේදන උපකරණ කිහිපයක්ද සොයාගෙන ඇති බවද සඳහන්.
ලද තොරතුරකට අනුව නුවරඑළිය යුද හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි කිරීමකදීයි මෙම ඩෙටනේටර් තොගය සොයාගෙන තිබේ.
එම පුපුරණද්‍රව්‍ය සහ සන්නිවේදන උපකරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
නුවරඑළිය පොලිසිය සහ නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
No comments: