තවුජිත් ජමාඩ් සංවිධානයේ පානදුර ශාඛාවේ ලේකම් අත්අඩංගුවට

තවුජිත් ජමාඩ් සංවිධානයේ පානදුර ශාඛාවේ ලේකම් අත්අඩංගුවට

තවුජිත් ජමාඩ් සංවිධානයේ පානදුර ශාඛාවේ හිටපු උප ලේකම්වරයා ඊයේ (24) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම පුද්ගලයා මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග පාලන අංශයේ සහකාර රථ වාහන අංශ පාලකයා ලෙස කටයුතු කරමින් සිටි බව පොලිසිය කියයි.

අධිවේගී මාර්ග පාලන අංශයේ සහකාර රථ වාහන පාලක ලෙස කටයුතු කළ පානදුර පදිංචි පුද්ගලයෙකු පිළිබඳ සැකයක් තිබෙන බවට බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරක් අනුව ඔහු පොලිසියට කැඳවූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

No comments:

Powered by Blogger.