අම්බලන්තොට ලංගම බස්රථයක ව්‍යාජ බෝම්බයක් නිසා ප්‍රදේශයේ ජනතාව නොසන්සුන්

අම්බලන්තොට ලංගම බස්රථයක ව්‍යාජ බෝම්බයක් නිසා ප්‍රදේශයේ ජනතාව නොසන්සුන්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ බස්රථ නවතා තබන ස්ථානයක ලංගම බස්රථයක් තුල සැකකටයුතු යමක් ඇතිබවට අම්බලන්තොට පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව අද (25) පෙරවරුවේ පරීක්ෂනයක් ආරම්භ කරන ලදී .

ඒ අනුව එහි සැක කටයුතු ලෙස කම්බියකින් බදින ලද කාඩ් බෝඩ් පෙට්ටියක් පොලිසිය කල නිරීක්ෂණ වලදී සොයා ගන්නා ලද අතර පසුව අම්බලන්තොට හා හම්බන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු දැනුවත්කර විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීන් ගෙන්වා පරික්ෂා කිරීමෙන් පසු යම් අයෙකු විසින් ජනතාව බියගැන්වීම සදහා සකසන ලද්දක් බව හෙළිවිය.

අදාළ ලංගම බස්රථය ධාවන කාලය නිම වීමෙන් පසු සෑම දිනකම එම ස්ථානයේ නතර කර යන බවත් එහි දොරවල්ද නිසි අයුරින් නොමැති බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ ,කෙසේනමුත් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදුකල තැනත්තා අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට )

No comments:

Powered by Blogger.