කළුතරට ඇවිත් කොටි 5ක දුර්ලභ මැණික් කොල්ලකාපු මොන්ගෝලියානු කාන්තාව



රුපියල් කොටි 5කට ආසන්න වටිනාකමකින් යුත් මැණික් ගල් තුනක් කළුතර උතුර හෝටලයකදී මිලදී ගන්නා මුවාවෙන් පැමිණි මොන්ගෝලියානු කාන්තාවක්, මෙන්ම පාතාල සාමාජිකයකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු අද මීගමුවේදී සුඛෝපබෝගී ජීප් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව කළුතර දිසා අධිකරණ ඒකකය පවසනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර හමුදා සාමාජිකයකුද සිටින බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් මෙලෙස කොල්ලකෑමට යොදා ගත් ගෑරුප්පුවක් සමඟ කොල්ලකන ලද සෙරන්ඩිබ් වර්ගයේ කැරට් 35.24 ක් බර මැණික් ගලක් ග්‍රෑම් 25.7ක් බර පුෂ්පරාග මැණිකක් සහ නැචුරල් බ්ලු සෆායර් වර්ගයේ ග්‍රෑම් 16.01ක් බර මැණිකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

No comments:

Powered by Blogger.