මදුෂ් ඇතුළු පිරිස කොටු කරගත් STF මෙහෙයුමේ හෙළි නොවූ තොරතුරු

මදුෂ් ඇතුළු පිරිස කොටු කරගත් STF මෙහෙයුමේ හෙළි නොවූ තොරතුරු

නමගිය පාතාල නායකයෙකු වන මාකඳුරේ මධුෂ් ඇතුළු 25 දෙනා කොටු කරගත් මෙහෙයුමේ සැඟවුණු තොරතුරු ඒෂියන් මිරර් වෙත ලැබී තිබේ.

එම තොරතුරු වලට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායට අණ දෙන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතිෆ් මහතා මෙම මෙහෙයුම සැලසුම් කර තිබුණේ කලකට පෙර සිටය.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතිෆ් මහතා එම ධුරයෙන් විශ්‍රාම ගන්නා දිනයේ පාතාල නායකයින් අබුඩාබි හි තරු 6යේ හෝටලයක සාදයක් සංවිධානය කර තිබු බවට බුද්ධි තොරතුරක් ලැබී තිබිණි.

එම තොරතුර අබුඩාබි මෙට්රෝ පොලිස් නිලධාරීන්ට ලබා දිමට මෙරට පොලිස් විශේෂ කාර්ය බලකා අංශ කටයුතු කර තිබිණි.

ඒ අනුව මිට දින කිහිපයකට පෙර ඩුබායි බලා පිටත්ව ගිය පොලිස්  විශේෂ කාර්ය බලකා සහ පොලිස් මත්ද්‍රවය කාර්යාංශයේ නිලධාරීන් ඩුබායි මත්ද්‍රවය නාශක නිලධාරීන් සමඟ ඒකාබද්ධව මෙම මෙහෙයුම දියත් කෙරිණි.

ඒෂියන් මිරර් වෙත ලැබුණු තොරතුරු වලට අනුව ඒ වන විටත් STF නිලධාරියෙකු පාතාල සාමාජිකයින් සමඟ සාදය තුළ සිටිමින් මෙහෙයුම් නිලධාරීන්ට බුද්ධි තොරතුරු ලබා දී ඇත.

එලෙස සුක්ෂම ලෙස දියත් කෙරුණු මෙම මෙහෙයුමේ අවසානය දක්වා මෙහෙයුම පිලිබඳ තොරතුරු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුවත්ව නොසිටි බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

 

No comments:

Powered by Blogger.