ජලභීතිකා හා වකුගඩු රෝග සදහා උග්‍ර බෙහෙත් හිඟයක්

වකුගඩු රෝගය, ජලභීතිකා රෝගය ඇතුළු රෝග රැසකට අවශ්‍ය ඔෟෂධවල බරපතළ හිඟයක් දිවයින පුරා රෝහල්වල පවතින බව වාර්තා වී ඇති බවත් මෙම තත්ත්වය යටතේ රෝගී ජීවිත දැඩි අවදානමකට මුහුණපා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් කරයි.
රටපුරා රෝහල්වල පවතින හිඟ ඔෟෂධ පිළිබඳ තොරතුරු එක්රැස් කෙරෙමින් පවතින බවත් මේ වන විට මන්නාරම, කිලිනොච්චි, මාතර, බදුල්ල, මීගමුව ඇතුළු රෝහල් රැසක හිඟ ඔෟෂධ පිළිබඳ තොරතුරු තම සංගමය වෙත ලැබී ඇතැයි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.
ජලභීතිකා මර්දනය සඳහා බදුල්ල රෝහලේ දැනට තිබෙන්නේ එන්නත් කුප්පි හැටක් පමණක් යැයිද මාතර රෝහලේ එම ඔෟෂධ එක කුප්පියක්වත් නොමැති බවත් මාතර රෝහලට පැමිණෙන රෝගීන් එම එන්නත ලබාදීම සඳහා කරාපිටිය රෝහලට යැවීමට සිදුවී ඇති බවත් හෙතෙම පැවැසීය.
මධ්‍යම පළාතේ රෝහල්වලටද දැඩි ඔෟෂධ හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බවත් මේ වන විට කොළඹ ජාතික රෝහලේ හිඟ ඔෟෂධ පිළිබඳ තොරතුරු එක්රැස් කරමින් සිටින බවත් සඳහන් කළේය.
මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය ඔෟෂධවල බරපතළ හිඟයක් පවතින බවත් වකුගඩු බද්ධ කරන ලද රෝගීන්ට බද්ධ කරන ලද වකුගඩු ආරක්‍ෂා කර ගැනීම සඳහා පාවිච්චි කරන ජීවිතාරක්‍ෂක ඔෟෂධ රෝහල්වල නොමැතිවීම නිසා රෝගී ජීවිත බරපතළ අවදානමකට ලක්ව ඇතැයි වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.
කොළඹ අක්‍ෂි රෝහලේ ශල්‍යකර්ම සඳහා සිටින රෝගීන් 485 දෙනකු අද වන විට පොරොත්තු ලේඛනවල සිටින බවත් එම සංඛ්‍යාව දිනපතාම ඉහළ යන බවත් සඳහන් කළ වෛද්‍ය හරිත අලුත්ගේ ඔෟෂධ හිඟකම නිසා එම රෝගීන් සඳහා ශල්‍යකර්ම සිදුකිරීම පමාවී තිබෙන බව පැවැසීය.
මාස කිහිපයකට ඉහතදී කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමට පැමිණි සෞඛ්‍ය ඇමැති ෙදාස්තර රාජිත සේනාරත්න ශ්‍රී ලංකාවේ රෝහල්වල පවතින ඔෟෂධ ප්‍රමාණය තමාගේ පරිගණකය තුළ තිබෙන බවත් එතුමාගේ පරිගණකයේ ඇති මෘදුකාංගය මඟින් එම තොරතුරු ලබාගත හැකි බවත් පැවැසූ බව සඳහන් කළ වෛද්‍යවරයා ඒ පරිගණකය සහ මෘදුකාංගය දැන් කොහේදැයි විමසීය. ශ්‍රී ලංකාවේ සියලුම රෝහල්වල පවතින හිඟ ඔෟෂධ පිළිබඳ සියලු තොරතුරු ඉදිරි දිනවල රටට හෙළි කරන බවත් ඇස්පී්‍රන් පෙත්තක්වත් නොමැති රෝහල්ද තිබෙන බව කනගාටුවෙන් වුව සඳහන් කළ යුතුව ඇති බවත් වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කළේය.
No comments: